ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ
සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...
ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ)

දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මල් මංගල්ලෙට කඳුළු සලන්නට එපා දුවේ...

යුවතියන්ගේ සිත්වල සුන්දර බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒ අපේක්‌ෂාව කුමක්‌ද එය නම් කෙදිනක හෝ ලස්‌සන මනාලියක්‌ වීමේ අපේක්‌ෂාව යි. තමා කැමති තමාට සුදුසු ආදරවන්තයෙකු සමග දහස්‌වර සිතින් පෝරුවට නගිමින් ඒ සොඳුරුතම අවස්‌ථාව සිහිපත් කරන යුවතියන්ද මේ සමාජය තුළ සිටිය හැක. මෙයට දුප්පත් පොහොසත් භේදයක්‌ නොමැත. දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම යුවතියක්‌ ම සිහින මවන්නේ සුන්දර මනාලියක්‌ වී ප්‍රීතිමත් නව යුග දිවියකට පියවර තැබීමට යි. යුවතියන් පමණක්‌ නොව තරුණයන් ප්‍රාර්ථනා කරන්නේත් එලෙස ම නොවේ ද? 

නමුත් ඇතැම් පෙම්වතුන්ට පෙම්වතියන්ට ආර්ථික දුෂ්කරතා නිසා මංගල උත්සවයක්‌ පැවැත්වීම සිහිනයක්‌ම පමණක්‌ විය හැක. එයට හේතුව මංගල උත්සවයක්‌ වෙනුවෙන් අධික වියදමක දැරීමට සිදුවීම යි. 

නමුත් එම සිහිනය සැබෑ කරදීමට නොමිලේ ම මනාල යුවළගෙන් කිසිම මුදල් අය කිරීමක්‌ නොමැතිව අංග සම්පූර්ණ මංගල උත්සවයක්‌ සූදානම් කර දීමට එක්‌තරා සංවිධානයක්‌ ඉදිරිපත් වී සිටින බව ඔබ දන්නවා ද? 

මෙය පාඨක ඔබට පුදුම උපදවන එසේ ම ඔබට ඉතා සතුටුදායක ආරංචියක්‌ විය හැක. මේ පිළිබඳව ඔබට වැදගත් වන තොරතුරු ඔබ හමුවේ තැබීමට නවලිය පාඨක ඔබ වෙනුවෙන් එම සංවිධානයේ ගරු ලේකම්තුමිය වන මොනිකා ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය සමග මම පිළිසඳරක යෙදුනෙමි. 

බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධිය සංසදය අසරණ අයට පිහිටවීම පිණිසම සැදී පැහැදී සිටින සංගමයක්‌ බවත් ඇය එම සංවිධානයේ ගරු ලේකම්තුමිය බවත් ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය මා සමග පැවසුවා ය.

මෙය කාන්තාවන් ගේ දායකත්වයෙන් කාන්තාවන් පමණක්‌ එකතු වී පවත්වාගෙන යන ප්‍රබල සංවිධානයක්‌ බවත් වැඩි වශයෙන් කෙරන්නේ පුණ්‍යමය කටයුතු බවත් ඇය කිසා සිටියා ය. 

ආර්ථික දුෂ්කරතා නිසා මංගල උත්සවයක්‌ පවත්වා කුලගෙයට පිවිසීමට අපහසු වී සිටින අයට නොමිලේ ම මංගල උත්සවයක්‌ සංවිධානය කර දෙන්නේ කෙසේද යනුවෙන් මා විසින් විමසන ලද පැනයට එතුමිය මෙසේ පිළිතුරු දුන්නා ය.

කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් ශක්‌තිමත් ලෙස ගොඩනැගුන අප සංවිධානයේ සාමාජික මහත්මියන් 

රැස්‌වී සාකච්ඡා කොට ඒ සඳහා යන වියදම සොයා ගන්නා ආකාරය සැලසුම් කරනවා. එසේ විවිධ සැලසුම් මගින් මුදල් සපයාගෙන සමාජ මෙහෙවරක්‌ ලෙස මෙය සිදුකරනවා. මව්පියන් නොමැතිව හෝ වෙනත් ආර්ථික අපහසුතා නිසා හෝ මංගල උත්සවයක්‌ පවත්වා ගැනීමට නොහැකි වී සිටින අයට යි මෙම උපකාරය හිමිවන්නේ. යනුවෙන් පැවසූ ඇය එය සිදු කෙරෙන ආකාරය ද විස්‌තර කළාය. 

විවාහය ලියාපදිංචි කරවීමද එම යුවතිය කැමති පරිදි උඩරට හෝ පහතරට මනාලියක ලෙස ඇයව හැඩගැන්වීමද මනාල යුවළටම අවශ්‍ය මංගල ඇඳුම්, පළඳනා, සපත්තු යනාදිය සපයා දී මනාල යුවළට මංගල රන් මුදු දෙක පවා ලබාදෙන බව එතුමිය පැවසුවා ය.

එසේ ම පෝරුවේ චාරිත්‍ර , මංගල ආකෘතිය සමග කේක්‌ ද එදින උදෑසන කිරිබත් කැවිලි සහිත හොඳ කෑම මේසයක්‌ද දහවල් භෝජනය සඳහා බුරියානි, හතුමාලුව, කජු මාලුව, අච්චාරු ඇතුළුව ප්‍රනීත නිර්මාංශ ආහාරය සමග අතුරුපසද සූදානම් කර දෙන බව ඇය ඉතා සතුටින් පැවසුවාය. මේ සඳහා මනාල යුවළගේ දෙපාර්ශවයෙන් පැමිණෙන පිරිස 30 දෙනෙකුට සීමාවිය යුතුය. පිරිසක්‌ නොමැති වුවද එම සංවිධානයේ සාමාජික මහත්මියන් ආරාධිත අමුත්තන්ද සහිතව විශාල පිරිසක්‌ උත්සවයට සහභාගිවීමද තවත් විශේෂත්වයකි.

මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක්‌ ඇත. එනම් අහිංසක සතුන්ගේ මස්‌ බුදිමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම උත්සවය නොපැවැත්වීමයි. අහිංසක සතුන්ගේ මස්‌ මාංශ හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ගෞරවනීය ලෙස මංගල උත්සවය පවත්වා ගැනීමට ලැබීම නිසා එම යුවළගේ අනාගත දිවියට යහපත සෙතම සැලසෙනු ඇත. එපමණක්‌ නොව එම දෙපලගේ අනාගතය වෙනුවෙන් කිසියම් මුදල් පරිත්‍යාගයක්‌ද මෙම සංවිධානයෙන් පිරිනමන බව එතුමිය නිහතමානීව පැවසුවා ය.

එම සංවිධානය මගින් සිදුකර දෙන මෙවැනි මංගල උත්සවයක්‌ සඳහා පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය අනුග්‍රහයද ලැබෙන බව ඇය ප්‍රකාශ කලේ ඉතාමත් ප්‍රීතියෙනි.

මෙම අනගි අවස්‌ථාව ලබාගැනීමට මනාල යුවළට තිබිය යුතු සුදුසුකම් මොනවාද යනුවෙන් මා විමසූ විට ඇය පැවසුවේ මෙම උත්සව අවස්‌ථාව ලබා ගැනීමට මනාල යුවළගේ කැමැත්ත මෙන්ම ආර්ථික දුෂ්කරතාවයක්‌ තිබෙන බව තහවුරු කර ගැනීම පිණිස ග්‍රාමසේවක සහතිකයක්‌ද අවශ්‍ය බවයි. ආගම සැලකෙන්නේ නැත. මෙම ගෞරවනීය උත්සව අවස්‌ථාව ලබා ගැනීම සඳහා කළ යුත්තේ ඉහත සඳහන් සුදුසුකම් තිබෙන බව සඳහන් කරන ලද ලිපියක්‌ ග්‍රාම සේවක සහතිකයක්‌ද සහිතව ගරු ලේකම් තුමිය, කාන්තා අභිවෘද්ධිය සංසදය, බෞද්ධ මහා සම්මේලනය බෞද්ධා ලෝක මාවත, කොළඹ යන ලිපිනයට යොමු කිරීමයි.

එවිට එම සංවිධානයේ කෙනෙකු පැමිණ සපයා ඇති තොරතුරු පිළිබඳ සත්‍යතාවය සොයා බලා මංගල උත්සව කටයුතු සිදුකර දීමට අවශ්‍ය කටයුත සූදානම් කරනු ඇත.

මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ 1991 වසරේදී පමණය. නමුත් එවකට රටේ පැවතුන වාතාවරණය අනුව නිසිලෙස කටයුතු කර ගැනීමට අපහසු වී ඇත. 2002 වසරේ සිට නැවත මෙය අඛන්ඩව පවත්වාගෙන යන බවද ඉදිරියටත් මෙම සංවිධානය මගින් කෙරෙන පුණ්‍යමය යහපත් ක්‍රියාදාමයන් දිගටම කරගෙන යාමට අපේක්‌ෂා කරන බවද ඇය ඉතා සතුටින් කියා සිටියාය.

අන් අයගේ සෙත සුව පිණිස තම ශක්‌තිය යොදවා උතුම් සමාජ මෙහෙවරක්‌ කරන්නා වූ ලක්‌ෂ්මී ලොරෙන්සුහේවා මහත්මිය ඇතුළුව ඊට සහයෝගය දක්‌වන සියලු දෙනාටම සෙත් පතමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අලියා සත50යි හෙන්ඩුව රුපියලයි!


ආණ්‌ඩුව වාහන බද්ද අඩුකර පෙන්වූ මැජික්‌ එක පිළිබඳව පුංචි මිනිහා හෙවත් පොදු ජනයා ඒ තරම් තැකීමක්‌ කළේ නැත. හේතුව සාමාන්‍ය මිනිහා දාහක්‌ ප්‍රශ්න අතර සිටීමය. එහෙත් ධනවත් අය නම් එහි ප්‍රතිඵල හොඳට නෙලා ගත්හ.ඇතා අඩුවට දී හෙණ්‌ඩුවට ඇතුන් දෙදෙනෙකුගේ මිල නියම කරන්නාක්‌ සේ බස්‌නාහිර පළාත් සභාව වාර්ෂික වාහන බලපත් ගාස්‌තුව ඉහළ නංවා තිබේ.මේ පීඩනය සෘජුවම පොදු ජනයාගේ වාහනවලට එල්ල වී තිබේ. යතුරුපැදිය හා ත්‍රිරෝද රිය වැඩිපුරම භාවිත කරන්නෝ හුදී ජනයාය. අද ඒවා සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියම ප්‍රවාහන මාර්ග බවටද පත්ව ඇත. එහෙව් රටේ ජනතා ඡන්දයෙන් පත්වූ පළාත් සභාව ඒ ජනතාවට කෘතගුණ සළකන්නේ එහෙම දැයි අපට නම් නොතේරේ.

ආදායම් බලපත්‍රය යනු වාහනය ලියාපදිංචි කිරීම සඳහා රජයට ගෙවන බද්දකි. වාහනය මිලදී ගැනීමට මෙන්ම එය මහා මාර්ගයේ රැගෙන යාමටද එම වලංගු මුදල ගෙවා බලපත්‍රයක්‌ ගත යුතුය. ඒ හැර රක්‍ෂණයට ද වෙනම මුදලක්‌ ගෙවිය යුතුය.

යතුරුපැදියක්‌ ලයිසන් කිරීම වෙනුවෙන් මෙතෙක්‌ වසරකට අය කළේ රුපියල් තුන්සියයකි. අද සිට එය රුපියල් හාරසීයක්‌ බවට පත්ව තිබේ. එහි වැඩිවීම රුපියල් සියයකි. ත්‍රිරෝද රථයක්‌ ලයිසන් කිරීමට මෙතෙක්‌ වැය කළ රුපියල් 275 රුපියල් 500 දක්‌වා වැඩිවී තිබේ. ත්‍රිරෝද හිමියන්ගේ බඩට ගැසූ ඒ පහර නම් සුළුපටු නැත.

තාර බර කිලෝ 762 කට අඩු කාර්වලද ලයිසන් ගාස්‌තු වැඩිකර ඇත. එය පෙට්‍රල් කාරයක්‌ නම් රුපියල් 900 සිට 1200 දක්‌වා රුපියල් 300 කින්ද ඩීසල් කාරයක්‌ නම් රුපියල් 2000 සිට 2200 දක්‌වා රුපියල් 200 කින් වැඩි කර ඇත.
ආණ්‌ඩුවේ සිටින විට ඕනෑම අයෙක්‌ කියන්නේ රට ගෙන යැමට බදු වුවමනා බවය. ඒ අයම විපක්‍ෂයට ඇවිත් කියන්නේ බදු බර ජනතාවට පටවා ආණ්‌ඩුවේ උදවිය සුර සැප විඳින බවය. අපගේ අදහස වන්නේද කියන පුද්ගලයා වෙනස්‌ වුවත් විපක්‍ෂය කියන කරුණ ඇත්ත බවය.


ආණ්‌ඩුව - විපක්‍ෂය කියා භේදයක්‌ නැතුව තීරු බදු වාහන බෙදා ගන්නා රටක සාමාන්‍ය ජනතාවගේ දුක ඒ තරමින් හෝ විපක්‍ෂයට දැනීමද අගය කළ යුතුය. මේ බදු බර නිසා ත්‍රිරෝදකරුවාත් යතුරුපැදි හිමිකරුවාත් පත්වන තත්ත්වය අපි දනිමු. අද උතුරේ මෙන්ම දකුණේද පොදු වාහනය යතුරුපැදියයි. ඊළඟට ත්‍රිරෝද රියයි.සීතල කාමරවල ඉන්නා නිලධාරීන්ට කොහොමටත් පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන වැටහීම අඩුය. ජනතාවගේ මුදලින් තමන්ට ලැබෙන සියලුම ප්‍රතිලාභ භුක්‌ති විඳින ඔවුන්ගෙන් වැඩි දෙනා බැට දෙන්නේද ඒ පොදු ජනතාවටමය. මේ වර්ගයේ නිලධාරීන්ට හෙණ ඉල්ලුවත් ඒ හෙණ පාත්වන්නේද බොහෝවිට නැති බැරි එකාටමය.ශ්‍රී ලංකාවේ ජන ජීවිතය කියන තරම් සුන්දර නැත. බිරිඳක්‌, දරුවන් සිටින පියකුට නම් මේ ප්‍රශ්න අමුතුවෙන් කියාදිය යුතු නැත. එනිසා අප නම් සිතන්නේ බස්‌නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ඒ. කේ. ආර්. අලවත්ත මහතා ඇතුළු පිරිස විසින් ගෙන ඇති තීරණයෙන් තැලෙන මිනිසා තවත් තැලෙන බව අපට විශ්වාසය.මේ අතර තාර බර කිලෝ 400 ට වැඩි වෑන් රථ සහ මෝටර් කෝච් වාහනවල ලයිසන් ගාස්‌තු අඩුකර ඇති බවද කියති. 
වාහන ආනයන බද්දෙන් සියයට පනහක්‌ අඩු කළ ප්‍රවෘත්තිය දැන් පරණය. ආනයන බද්ද සියයට පනහකින් අඩු කළ පළියට වාහනවල මිලෙන් සියයට පනහක්‌ අඩු කළා සේ කෑ ගැසූ අය දැන් නිහඬය. රටක්‌ පවත්වාගෙන යැමට බදු අය කළ යුතු බව සැබෑය. නමුත් මේ ජනතාව පීඩනයට ලක්‌ කර, ජනතාව තලා පෙළා ඔවුනගේ ජීවිත සරල, සුගම කර අය කරන බදු පිළිබඳ පාලකයෝ කල්පනා කළ යුතුය.

පෙට්‍රල් වෙනුවෙන් වැඩිම බදු මුදලක්‌ ගෙවන ජනතාවක්‌ ලෝකයේ සිටීනම් ඒ ශ්‍රී ලාංකික ජාතියය. යතුරුපැදිකරුවන්ද, ත්‍රිරෝද රථ හිමියන්ද පෙට්‍රල් මත විශාල බද්දක්‌ ගෙවන බව නොරහසකි. යතුරුපැදි මත අය කරන බද්ද ද පෙරට වඩා දැන් වැඩිය. ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි මෙරටට නොආවේ නම් යතුරුපැදි පාවිච්චි කරන්නන්ගේ ගණන සියයට පහ පමණ දක්‌වා අඩු වන බවද කිව යුතුය. ත්‍රිරෝදය ඉන්දියාවෙන් මෙරටට නොගෙනාවේ නම් මේ රටේ දුප්පතාට පාපැදිය නොව යන්නට එන්නට වෙන්නේ බරකරත්තෙනි. අප පසුකරගෙන ආවේ ඒ බරකරත්ත යුගයය. මේ ගත කරන යුගයට වඩා බරකරත්ත යුගය හොඳ යෑයි කෙනකුට සිතීමට පුළුවන. ඒ ජීවිතය සරලය. සුන්දරය, නමුත් ශ්‍රී ලාංකික ජනතාවට ආපසු ඒ යුගයට යා නොහැකිය. මේ සමය වූ කලී ගෝලීයකරණය නමැති අබුද්දස්‌ස යුගයය. එනිසා ජනතාව අසීමිත ආශාවන්ගෙන් පෙළේ. අසීමිත අවශ්‍යතා සොයා යන්නට පටන්ගෙන තිබේ. එනිසා අප කියන්නේ මසකට රුපියල් දහ පහළොස්‌දහසින් මෙපමණ බදු ප්‍රමාණයක්‌ දුප්පතුන්ට ගෙවීමට නොහැකි බවය. පරිසරය නසන්නේ යතුරුපැදිකරු නොවන බව පිළිගත යුතුය. පරිසරය නසන්නේ ත්‍රිරෝදය නොවන බවද වටහාගත යුතුය. පරිසරය නසන්නේ බස්‌රථ හෝ ලොරි, වෑන් ආදිය ද නොවන බව වටහාගත යුතුය. පරිසරය නසන්නේ මහාපරිමාණ කර්මාන්ත නිසාය. කැලෑ පාලුවන් නිසාය. විදුලිබලාගාර නිසාය. මේවායේ අයිතිකරුවන් ධනපතියන් මිස දුප්පතුන් නොවන බවද වටහාගත යුතුය. පරිසරය රකිනු වස්‌ වාහන දුම් පරීක්‍ෂාවක්‌ හඳුන්වාදී ඒ වෙනුවෙන් අමතර මුදලක්‌ ගනිද්දී අනෙක්‌ පසින් ආදායම් බලපත්‍ර (ලයිසන්) ගාස්‌තු වැඩි කිරීම අසාධාරණ යෑයි යතුරුපැදි සහ ත්‍රිරෝද හිමියන් ඇතුළු වාහන හිමියන් පවසන්නේ එනිසාය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මට බඳින්න ආසයි!ඒත්???

ඒත් කෙනෙක් නෑඉන්න කෙනා හරියයිද?මොන මඟුලක්ද මේ!!!
මේ මිහිතලේ ඉන්න ඕනම කොල්ලෙක්/කෙල්ලෙක් නව යොවුන් විය(ලිංගිකව පරිණත විම ඇරඹුන දා සිට)සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න වෙහෙසෙනවා.මේක අපි මොන විදිහට අර්ථ දැක්වුවත්,මෙතන තියන ප්‍රධානම තුරුම්පුව/අවශ්‍යතාවය ඒ ඒ මිනිස් පරම්පරාවල ජාන සම්ප්‍රේක්ෂණය කිරීමයි.(මෙතනදි මනෝවිද්‍යාත්මක/වෛද්‍ය විද්‍යාත්මක/දෙමව්පිය බලපෑම/ආධිපත්‍ය හැඟීම ආදී..බර තැන් අවශ්‍ය නෑ)ආදරය කියන වචනය ඇතුළේ තියන අප්‍රමාණ තේරුම් අතරේ,අපි අතරමං වෙනවා බොහෝවිට.මේක මිනිසාට විතරක් සීමිත/වෙන්වුන දෙයක් නෙවෙයි(බුද්ධියෙන් උසස් නිසා මිනිසා නම්-,)එතන ඇත්තේ ආදරය ...යනාදී වචනවලට ගළපාගත් මිනිස් ගති ඇතුල් කර ගැනිම පමණයිනේ?
*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය?
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ?
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි?
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද?
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද?
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද?
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද?

සදාචාර සීමාවේ සිට සංවාදයට විවෘතයි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

රිදෙන්නේ හදවතය....

ඔන්ලයින් අපවාද නැඟේවී දස අතින්
ගල්ද මල් යැයි දරා ඉමි සම සිතින්
ගළන උනු කඳුළු පිසිදමා මුදු හිතින්
හිඳන්නට වෙර දරමි සිනා සපිරුනු වතින්

වදින්නේ මල් පිපුනු ගෙඩි පිරුනු ගසටමය
ඇදෙන්නේ නින්දාව දිලෙන සඳ දෙසටමය
රිදෙන්නේ හදවතය නොහඬන්නෙ බයටමය
ගලන්නේ ගංගාව අදත් ඒ ලෙසටමය

දරාගමි පීඩනය මහා පවුරක් වෙමී
ඉරාලමි වැට කඩොළුපවුරු පදනම් බැමී
උරාගමි නියම දේ සත්‍යයට ඇති නැමී
සරායමි ලෝකයේ කොතනකද මට හිමී

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?

මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්. ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත්සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)

සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS