සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?

මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්. ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත්සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)

සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment